ලන්ඩන් සෞදි තානාපති කාර්යාලයෙන් උපදෙස්



මැන්චෙස්ටර් නගරයට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරය හේතුවෙන් එහි ජීවත් වන සෞදි ජාතිකයින්ට පරීක්ෂාකාරීව සිටින ලෙසත්, ගමන් බිමන් සීමා කරන ලෙසටත්, පොලීසිය ලබාදෙන උපදෙස් පිළිපදින ලෙසටත් ලන්ඩන් නුවර පිහිටි සෞදි තානාපති කාර්යාලය නිවේදනයක් මගින් සියළුම සෞදි ජාතිකයින් ගෙන්ඉල්ලීමක් කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

හදිසි අවස්ථාවකදී ඇමතීම සඳහා දුරකථන අංකයක්ද (00442079173000) සෞදි තානාපති කාර්යාලය සෞදි ජාතිකයින්ට ලබා දී ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS