ලන්ඩන් සත්වෝද්‍යානයේ ගින්නක්



බ්‍රිතාන්‍යයේ මධ්‍යම ලන්ඩන් සත්වෝද්‍යානයේ සවස ගින්නක් හටගත් බවත්, ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන් 70 දෙනකුට පැය ගණනක් මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බවත් බ්‍රිතාන්‍ය පුවත් සේවා වාර්තා කරයි.

ගින්නෙන් සතුන් කිසිවකුටවත් කිසිදු අනතුරක් සිදු නොවුණු බව සත්වෝද්‍යාන බලධාරීහු සහතික වෙති.

කෙසේ නමුත් ගින්නෙන් පසු සොයා බලද්දී ආඞ්වාක් සත්වයකු අතුරුන් බව දැනගන්න ලැබුණැයි ද සත්වෝද්‍යාන බලධාරීහු වැඩිදුරටත් කියා සිටිති. ආඞ්වාක් යනු ඈයකු වැනි කුහුඹුවන් ආහාරයට ගන්නා සතෙකි.

දුම් ආඝ්‍රාණය වීමෙන් සත්වෝද්‍යානයේ සේවක සේවිකාවන් පිරිසක් රෝහල් ගත කෙරුණු බවද වාර්තා වේ.

ගින්නට හේතුව සොයා බැලීමට පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, යළි දැනුම් දෙන තුරු සත්වෝද්‍යානය වසා දැමෙන බව බලධාරීහු වැඩි දුරටත් කියා සිටිති.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS