ලක්ෂ විස්සකට අධික පිරිසක් පසුගිය මාස 11 ඇතුලතදී කටාර් අගනුවරට



මිලියන 2කට වඩා වැඩි සංචාරකයින් ප්‍රමාණයක් පසුගිය මාස 11 ඇතුලතදී කටාර් අගනුවරට පැමිණ ඇති බව අල්-රේයා වාර්ථා කලේය. 

ජනවාරි මාසයේ සිට ගල්ෆ් කලාපයේ රටවලින් මෙන්ම ලෝකයේ අනිකුත් රටවලින් පැමිණි සංචාරකයින්ගේ ප්‍රමාණය මිලියන 2.6ක වන බව කටාර් සංචාරක අමාත්‍යංශය මගින් යාවත්කාලීන කරන ලද නවතම තොරතරුවලට අනුව සදහන් වේ. 

ගල්ෆ් කලාපයේ රටවලින් පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව මිලියනය ඉක්මවා යන අතර එය කටාර් සංචාරක කර්මාතයට විශාල දායකත්වයක් ලබාදෙනු ලබයි.  

සෞදි අරාබිය ප්‍රධාන සංචාරක ගමනාන්තයක් බවට මේවනවිට පත්ව ඇති අතර එම නිසා එහි පැමිණෙන බොහෝ සංචාරකයන් ප්‍රමාණයක් අවට ඇති ගල්ෆ් කලාපයේ රටවල සංචාරය කරනු ලබයි. 

කටාර් හි පසුගිය මාසයේ සංචාරකයින්ගේ පැමිණීම 7%කින් වර්ධනය වී ඇත. 

කටාර් රාජ්‍ය සංචාරකයින් ගෙන්වාගැනීම සදහා විශේෂ ව්‍යාපෘති ගණනාවක් පසුගිය කාලය පුරාවට දියත් කල අතර එම ව්‍යාපෘති මගින් සංචාරකයින්ගේ ආකර්ෂණය කටාර් රාජ්‍ය වෙත යොමුවී ඇත. 

ඉදිරි මාස කීපයේදි කෘෘස් ලයිනර් නැව් සේවාව හරහා සංචාරකයින් 50,000ක් කටර්හි සීපෝට් වරායට ගොඩ පැමිණෙනු ඇතැයි කටාර් සංචාරක අමාත්‍යංශය අපේක්ෂා කරයි. 

 

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක  


RECOMMEND POSTS