රොමේනියා අගමැති ධුරය කාන්තාවකට



යුරෝපා රාජ්‍යයක් වන රොමේනියාවේ අගමැති ධුරය පළමු වරට කාන්තාවකට හිමිවිය.

රොමේනියා අගමැති ධුරයට පත් වූයේ 54 හැවිරිදි විරෝසියා ඩන්සිලා ය. ඇයට එම ධුරය හිමිවූයේ එම ධුරයේ කටයුතු කළ මිහායි ටුඩෝස් හදිසියේ ඉන් ඉවත්වීම නිසාය.

ඩන්සිලා යුරෝපා පාර්ලිමේන්තුවේ ද සාමාජිකාවකි. ඇය පාලක සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ලිවියු ඩ්‍රැග්නේගේ සහායිකාවකි.

පුරප්පාඩු වුණු අගමැති ධුරය වෙනුවෙන් ඩන්සිලා සුදුසු බව පාලක පක්ෂය පමණක් නොව, රොමේනියා ජනාධිපති කාලෝස් ලොහානිස් පවා පවසා ඇත.

රොමේනියාවේ දේශපාලන අර්බුදයක් නිර්මාණය වී ඇත. පසුගිය මාස 7 ක කාලය පුරාවට අගමැති ධුරය තෙවරක් වෙනස් විය.

(රොයිටර්)


RECOMMEND POSTS