රොමේනියා අගමැති දඩ කයි



සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් නොකතා, සමාජ දුරස්ථභාවය ගැන ද කිසිදු තැනීමක් නොකර, කැබිනට් මන්ත්‍රීවරුන් ඇතුළු රජයේ නිලධාරීන් කිහිප දෙනකු සම්බන්ධ කර ගනිමින්, රැස්වීමක් පැවැත්වූ රොමේනියා අගමැතිවරයාට ඇමෙරිකන් ඩොලර් 600 දඩයක් නියම කෙරුණි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් රැස්වීම පැවැත්වූ ස්ථානයට යද්දී, අගමැති ලුඩොවික් ඔර්බාන් සහ සෙසු පිරිස දුම්පානය කරමින්, බීම සහ ආහාර රසබලමින් සිටි බව මාධ්‍ය වාර්තා කරයි.

මාධ්‍ය කණ්ඩායමක් ද සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සමඟ අගමැතිවරයා ‘රැස්වීම’ පැවැත්වූ ස්ථානයට ගිය බව ද පැවැසෙයි. රොමේනියාවේ ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන 19,133 කි. එරටින් වාර්තා වන මරණ ගණන 1,259 කි.

(අල් ජසීරා)


RECOMMEND POSTS