රෙදි සොරා ගත් කැනඩා කත කොටුවෙයි



කුවේට් රාජ්‍යයේ අල්- සල්මියා දිස්ත්‍රිකයේ පිහිටි සාප්පු සංකීර්ණයන්හිරෙදි සොරකමේ ගිය කුවේට් හි උපන් කැනේඩියානු කාත්තාවක් අත්අඩංගුව ගැනීමටකුවේට් පොලීසිය සමත්වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

විශාල වටිනාකමකින් යුත් විලාසිතා ඉලක්ක කර ගනිමින් සොරකම් සිදුකරන බව සිදුකරන ලද මූලික විමර්ශන වලදී තහවුරු වී ඇත.

කැනේඩියානු කාන්තාව කුවේට්හි පදිංචිකාරියක් වන අතර තවත් කාන්තාවක් සහ පුරුෂයෙක් සොරකම් සම්බන්ධයෙන් චෝදනාවන් එල්ලවී ඇත. 

එක් කාන්තාවක් වෙළද සේවකයින්ගේ අවධානය වෙනතකට යොමුකරන අතර එම අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන අනිත් කාන්තාව සොරකම සිදුකරන බවත්, සොරකම සිදුවන අතරතුරු සාප්පු සංකීර්ණයේ පිටත තවත් පුද්ගලයෙකු ඔවුන් පැමිණෙන තෙක් රැදී සිටින බව වාර්තා වේ.

නීතිමය කටයුතු කරගෙන යෑම සදහා කුවේට් පොලීසිය මොවුන් මහජන නඩු පැවරීමේ කාර්යංශයට යොමු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
ජී.ඩී.එන් ඔන්ලයින් ඇසුරිනි 


RECOMMEND POSTS