රුසියාවේ ප්‍රාදේශීය මැතිවරණය ඇරැඹේ



රුසියාවේ ප්‍රදේශීය මැතිවරණය ඊයේ (13) ආරම්භ විය. දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දී ඇත්තේ, කොරෝනා වයිරස වසංගතය මැද ආරම්භ වුණු මෙම මැතිවරණය රුසියන් ජනාධිපති ප්‍රමුඛ පාලක ‘එක්සත් රුසියා’ පක්ෂයේ ජනප්‍රියත්වය උරගා බැලීමක් වනු ඇති බවය.

රුසියන් පාර්ලිමේන්තුව හෙවත් ක්‍රෙම්ලීනයට නියෝජිතයන් 1,60,000 ක් තෝරා ගැනීම සඳහා මැතිවරණය පැවැත්වෙයි. ක්‍රෙම්ලීනයේ බහුතරය ඇත්තේ ‘එක්සත් රුසියා’ පක්ෂයටය. එම බලය තහවුරු කර ගැනීමට ‘එක්සත් රුසියා’ පක්ෂය බලාපොරොත්තු වෙයි.

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් රුසියාව ද බැට කයි. වයිරස ආසාදිතයන් අතින් රුසියාව ඇත්තේ ලොව සිවුවැනි ස්ථානයේය. රුසියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන 1,058,000 කි.

රුසියාවෙන් වාර්තා වන මරණ ගණන 18,500 කි. වයිරස ව්‍යාප්තිය හේතුවෙන් මැතිවරණය දින දෙකක් තිස්සේ පැවැත්වීමට කටයුතු යොදා ඇත. මැතිවරණ කටයුතු පැවැත්වෙන්නේ සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලවය.
ජනපති පුටින් සහ රුසියන් රජයේ මෙහෙයවීමෙන්, රුසියන් ආරක්ෂක අංශයේ අනුග්‍රහයෙන්, කොරෝනා වයිරසය ආසාදනය වීම වැළැක්වීම ට එන්නතක් නිපදවා ඇත. මෙය ‘ස්පුට්නික් 1’ යනුවෙන් හැඳින්වෙයි.

‘ස්පුට්නික් 1’  යනු ලොව පළමු ලියාපදිංචි කළ කොරෝනා මර්දන එන්නතය. ‘ස්පුට්නික් 5’ පළමු එන්නත් තොගය ඉකුත් සතියේ සිට රුසියානුවන්ට බෙදා දීම ආරම්භ කෙරුණි. මෙය රුසියන් ජනපති පුටින්ටත් ඔහුගේ එක්සත් රුසියා පක්ෂයටත් දේශපාලනික වශයෙන් වාසියක් යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මොස්කව්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS