රුසියාවේ පල්ලියක වෙඩි තැබීමක්



රුසියාවට අයත් උතුරු කොකේසස් පළාතේ, ඩගෙස්ටාන්හි සධර්මික දේවස්ථානයකට එල්ලවුණු වෙඩි ප්‍රහාරයකින් දේවස්ථානයේ දේව මෙහෙයට සහභාගී වෙමින් සිටි කාන්තාවෝ සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

තවත් කිහිප දෙනෙක් තුවාල ලැබූහ. ඔවුන් අතර රුසියානු පොලිස් නිලධාරීහු දෙදෙනක් ද වෙති. වෙඩි තැබීම සිදු කළේ ‘දෙවියන් ශ්‍රේෂ්ඨයි’ කියමින් දේවස්ථානයට කඩා වැදුණු තුවක්කුකරුවකු යැයි පොලිසිය වැඩි දුරටත් කියා සිටී.

වෙඩි ප්‍රහාරයේ වගකීම අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන් විසින් බාර ගනු ලැබ ඇතැයි ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS