රුසියාවේ නගරයක පිහි ප්‍රහාරයක්



උතුරුදිග රුසියාවේ නගරයක සිදුවුණු පිහි ප්‍රහාරයකින් අට දෙනෙක් තුවාල ලැබූහ. ප්‍රහාරකයා පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් විය.

පිහි ප්‍රහාරයට ලක් වී තුවාල ලැබූ අට දෙනාගෙන් දෙදෙනකුගේ තත්ත්වය බරපතල බව ද පැවැසෙයි. පිහි ඇනුමට ලක් වූයේ නගරයේ වීදිවල ගමන් කරමින් සිටි සාමාන්‍ය වැසියන්ය. තුවාල ලැබූ ඔවුන් කඩිනමින් රෝහල් ගත කෙරුණි.

පිහි ප්‍රහාරය එල්ල වූයේ රුසියාවේ කන්ටි මන්සායි පළාතේ නගරයක යැයි මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාරකයා අවුරුදු 20 ත් 25 ත් අතර වයසේ පසුවන තරුණයකු බව පොලිසිය පසුව නිවේදනය කළේය. සිද්ධිය වූයේ රුසියාවේ වේලාවෙන් උදේ 11.00 ට පමණ යැයි ද මාධ්‍ය වාර්තා කරයි.

(රොයිටර්)

 


RECOMMEND POSTS