රුසියාවේ අගමැති ධුරයට මිහායිල් මිස්හුස්ටින්



රුසියාවේ අගමැති ධුරයට මිහායිල් මිස්හුස්ටින් නම් කිරීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පියවර ගෙන ඇත.

මිහායිල් මිස්හුස්ටින් අගමැති ධුරයට පත් වනු ඇත්තේ දූමා මන්ත්‍රණ සභාවේ අනුමැතිය හිමිවීමෙන් පසුවය.

දූමා මන්ත්‍රණ සභාව යනුවෙන් හැඳින්වෙන්නේ රුසියාවනු පාර්ලිමේන්තුවය. මිහායිල් මිස්හුස්ටින් අගමැති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් ඡන්ද විමසුමක් දූමා මන්ත්‍රණ සභාවේ ඊයේ (15) පැවැත්විණි.

66 හැවිරිදි මිහායිල් මිස්හුස්ටින්, ජනාධිපති පුටින්ගේ සමීපතමයෙකි.

මිස්හුස්ටින්, 2010 වසරේ සිට රුසියානු ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින්, රුසියානු ජනපති පුටින්ගේත් ජනතාවගේත් ප්‍රසාදය දිනූ චරිතයකි. මිහායිල් මිස්හුස්ටින් අගමැති ධුරයට තෝරා ගැනීම සම්බන්ධ ඡන්ද විමසුම පැවැත්වීමට නියමිතව තිබුණි.

රුසියානු පුටින්ගේ ධුර කාලය 2024 දී අවසන් වෙයි. ඊට පෙර, පාර්ලිමේන්තුවට වැඩි බලතල පවරා දීමට ව්‍යවස්ථා සංශෝධනය සිදු කිරීමට පුටින් අපේක්ෂා කරයි.

ඒ බව දැනුම් දීමත් සමඟ අගමැති ධුරයේ කටයුතු කළ පුටින්ගේ හිතවතා දිමිත්‍රි මෙද්වදේව් ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්විය.

ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාත්මක වනු ඇත්තේ ජනමත විමසුමකින් පසුවය. එම ජනමත විමසුම පැවැත්වෙන තුරු තම තමන්ගේ ධුරවල රැඳී සිටින්නැයි ජනපති පුටින්, ඇමැතිවරුන්ට පවසා ඇත. අගමැති ධුරයෙන් ඉවත් වුණු මෙද්වදේව්, රුසියානු ජාතික ආරක්ෂක අංශයේ නියෝජ්‍ය ප්‍රධානියා බවට පත් කිරීමට ජනපති පුටින් පියවර ගත්තේය.

නව අගමැති ලෙස මිහායිල් මිස්හුස්ටින්ගේ නම යෝජනා කිරීමට රුසියන් ජනපතිවරයා පියවර ගත්තේ ඉන්පසුවය. පුටින් රුසියාවේ ජනපතිවරයා ලෙස ධුර කාල හතරක් සම්පූර්ණ කර ඇත.

2024 දී ජනපති ධුරයෙන් සමුගැනීමෙන් පසුවත්, ට්‍රම්ප් තිරයෙන් පසුපස රැඳී සිටීමට උත්සාහ ගන්නා බවටත්, ඒ සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කරන බවටත් චෝදනා එල්ල වී ඇත.

මොස්කව්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS