රුසියාව නව මිසයිලයක් අත්හදා බලයි



රුසියාව ඔවුන්ට අයත් ආක්ටික් ධ්‍රැව කලාපයේ දිගු දුර මිසයිලයක් අත්හදා බලා ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

මිග් 31 කේ. වර්ගයේ යානයක් මගින් මිසයිලය විදීම සිදුවිය. ශබ්දයේ වේගය මෙන් පස් ගුණයකින් යෑමට මෙම මිසයිලයට හැකි බව ද පැවැසෙයි.

මෙම මිසයිල අත්හදා බැලීම සිදුවී ඇත්තේ මීට සති කීපයකට පෙරය. කෙසේ නමුත් ඒ බව මාධ්‍ය දැනගෙන ඇත්තේ ඊයේ (30) දිනයේය. මෙම නව මිසයිලය කිලෝ මීටර් 2,000 කට වඩා වැඩි දුරක් ගමන් කළ බව ද වාර්තා වේ.

(රොයිටර්ස්)


RECOMMEND POSTS