රිය අනතුරකින් තුවාල ලබයි



මෝල්ඩෝවා රාජ්‍යයේ ජනාධිපති ඊගෝර් ඩෝඩොන් රිය අනතුරකට ලක්වී තුවාල ලබා ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කළේය.

ජනාධිපති සිය මෝටර් රථයෙන් ස්ටර්සේනී නමැති නගරය වෙත ගමන් කරමින් සිට ඇත. මෝල්ඩෝවා රාජ්‍යයේ ජනාධිපති ගමන් බිමන් යන්නේ ඔහුගේ රථයෙන් වන අතර ආරක්ෂාවට එක් පොලිස් නිල රථයක් පමණක් යෙදවෙන බව පැවැසෙයි.

එම අවස්ථාවේ අධික වර්ෂාවක් පැවැති අතර, මාර්ගයේ ඉදිරියෙන් ගමන් කළ ට‍්‍රක් රථයක් තවත් මෝටර් රථයකට ඉස්සර කිරීමට යෑමේදී මාර්ගයේ ලිස්සා ගොස් ජනාධිපතිවරයාගේ මෝටර් රථයේ හැපී ඇතැයි පැවැසෙයි.

ජනාධිපතිවරයා කඩිමින් රෝහල් ගත කරුණු බවත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවත් ජනාධිපති ආරක්ෂක අංශය පවසා ඇත. ට‍්‍රක් රථයේ ගැටීමෙන් ජනාධිපතිවරයාගේ මෝටර් රථය මාර්ගයෙන් ඉවතට තල්ලූ වී පෙරැුළී ගිය බව සිද්ධිය දුටුවෝ පවසති.

43 හැවිරිදි ජනාධිපති ඊගෝර් ඩෝඩොන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ හිතවතෙකි. 2016 වසරේ සිට මෝල්ඩෝවා රාජ්‍යයේ ජනාධිපති ධුරය හොබවන්නේ මොහුය.

මෝල්ඩෝවා යනු නැගෙනහිර යුරෝපා රාජ්‍යයකි. මෝල්ඩෝවා රාජ්‍යය අතීතයේ සෝවියට් රුසියාවේ කොටසක් විය. චිසිනෝ යනු මෝල්ඩාවේ අගනුවරය. මෝල්ඩෝවියානු සහ රොමේනියානු භාෂා නිල භාෂා ලෙස සැලකෙයි. රොමේනියාවේ අසල්වැසි රාජ්‍යයයි.

(රොයිටර්)


RECOMMEND POSTS