රිපබ්ලිකන් නායකයන්ගෙන් ට්‍රම්ප්ට විවේචන



විදෙස් සම්භවයක් සහිත ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂ මන්ත්‍රීවරියන් සිවුදෙනකුට පරිභව කිරීමේ සිදුවීම මුල්කොට ගනිමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට ඔහුගේ රිපබ්ලිකන් පක්ෂයෙන් ද දෝෂාරෝපණ එල්ල වෙමින් පවතී.

ට්‍රම්ප් මෙම මන්ත්‍රීවරියන් සිවුදෙනාට පරිභව කළේ ට්විටර් පණිවුඩයක් හරහාය. ඒ, මොවුන් සිවුදෙනා ට්‍රම්ප් පරිපාලනය දැඩි ලෙස විවේචනය කරන බැවිනි.

එම මන්ත්‍රීවරියන් සිදුදෙනා වන්නේ ඇලෙක්සැන්ඩි්‍රයා කෝටේස්, රෂීදා ලයිබ්, අයානා ප්‍රෙස්ලි සහ ඉල්මාන් ඕමාර්ය. ඇලෙක්සැන්ඩි්‍රයා කෝටේස්, රෂීදා ලයිබ්, අයානා ප්‍රෙස්ලි ඇමෙරිකාවේ උපන් විදෙස් සම්භවයක් ඇත්තෝය. ඉල්මාන් ඕමාර් කුඩා කළ ඇමෙරිකාවට පැමිණ පුරවැසිභාවය හිමි වූ තැනැත්තියකි.

ට්‍රම්ප් එම ට්විටර් පණිවුඩයෙන් වැඩිදුරටත් කියා සිටියේ යන මෙම මන්ත්‍රීවරියන් සිවුදෙනා ආපසු ඔවුන්ගේ රටවලට යා යුතුයි කියාය.

ට්‍රම්ප් මෙසේ පැවැසීය ජාතිවාදී බවත්, එසේ පැවැසීම නුදුසුදු බවත් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේ නායකයන් පෙන්වා දී ඇත. ඔවුන් ඒ සම්බන්ධයෙන් ට්‍රම්ප්ට ලිඛිතව විරෝධය දැක්වීමක් ද සිදුකර ඇතැයි වාර්තා වේ.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS