රිට්ස් හෝටලයට හොරු පැනලා



අති නවීන ගිනි අවිවලින් සන්නද්ධ සොරු කල්ලියක්, ප්‍රංශයේ පැරිස් නුවර සුප්‍රසිද්ධ රිට්ස් හෝටලයේ ස්වර්ණාභරණහලට කඩා වැදී යූරෝ මිලියන ගණනක් වටිනා බඩුබාහිරාදිය සොරකම් කළහ.

ස්වර්ණාභරණහලට කඩා වැදුණේ පස් දෙනකුගෙන් සමන්විත සොරු කල්ලියකි.

ඔවුන් හෝටලයේ වීදුරු කඩා හෝටලයට ඇතුළු වුණු බවත්, විනාඩි කිහිපයක් ඇතුළත ස්වර්ණාභරණ සියල්ල කොල්ල කා පලා ගිය බවත් පොලිසිය කියයි. ‘රිට්ස්’ හෝටලය පවසා ඇත්තේ සොරකම් කළ භාණ්ඩවල වටිනාකම පවුම් මිලියන 3.5 කි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS