රැකවරණය දෙන්න මෙක්සිකෝව සූදානම්



හමුදාවේ බලපෑම් මැද ධුරයෙන් ඉවත් වුණු බොලිවියා ජනාධිපති ඊවෝ මොරාලේස්ට දේශපාලන රැකවරණ දීමට තමන් සූදානම් බව මෙක්සිකෝව පවසයි.

මේ වනවිටත් මොරාලේස්ගේ රජය ඉහළ නිලධාරීන් 20 දෙනකු මෙක්සිකෝවෙන් දේශපාලන රැකවරණ ඉල්ලා ඇති බවත්, මොරාලේස් ඇතුළු එම පිරිසට රැකවරණය දීමට තමන් සූදානමින් සිටින බවත් මෙක්සිකෝ රජය වෙනුවෙන් එරට විදේශ ඇමැති මාසේලෝ එබ්රාද් පවසා ඇත.

මේ අතර මොරාලේස් ධුරයෙන් ඉවත් කිරීමට හමුදාව බලපෑම් කිරීම බොලිවියාවේ අසල් වැසියන් වන වෙනිසියුලාවේත් කොලොම්බියාවේත් දැඩි විරෝධයට හේතුවක් වී ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.

මෙක්සිකෝ සිටී (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS