රාහුල් ගාන්ධි ජර්මනියේ



යුරෝපා රටවල සංචාරයක නියැලෙන ඉන්දියාවේ ප්‍රධාන දේශපාලන කණ්ඩායම ලෙස සැලකෙන කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි මේ වනවිට ජර්මනියේ බර්ලීන් නුවර බලා පැමිණ සිටී.

රාහුල් බර්ලීන් නුවරට පැමිණියේ පසුගිය 21 වැනිදාය. 2019 වසරේ ඉන්දීය මහ මැතිවරණය පැවැත්වෙයි. ඒ වෙනුවෙන්, ජර්මනියේ ඉන්දීය ඩයස්පෝරාව හමුවීම සඳහා රාහුල් ජර්මනියට ගියේ යැයි කොංග්‍රස් පක්ෂය සඳහන් කර තිබේ.

තම මව සෝනියා ගාන්ධිගෙන් පසු, කොංග්‍රස් පක්ෂ නායකයා ලෙස රාහුල් ගාන්ධි විදේසවල වෙසෙන ඉන්දියානුවන් හමුවීමට ගිය පළමු අවස්ථා මෙය යැයි පැවැසෙයි. බර්ලීන් නුවර කටයුතු අවසන් කිරීමෙන් පසු රාහුල් ලන්ඩනයට යෑමට නියමිතය යැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කර ඇත.

රාහුල්, ජර්මනියේ ඉන්දීය ප්‍රජාව හමුවෙමින්, විශේෂ දේශනයක් පැවැත්වීය. ඒ, හැම්බර්ග් නුවර බුසේරිස් සරසවියේදීය. එහිදී ඉන්දියාවේ පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය මෙන්ම එහි නායකයා මෙන්ම ඉන්දීය අගමැතිවරයා ද වන නරේන්ද්‍ර මෝදි විචේචනය කළේය. ඉන්දියාවේ පවතිව රැකියා අර්බුදය, බදු පැනැවීම්, සමාජීය ප්‍රශ්න ආදිය සම්බන්ධයෙන් රාහුල් ගාන්ධි කරුණු පැහැදිලි කළේය.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS