රාහුල් - මෝදි මැතිවරණ කටයුතු අරඹයි



ඉන්දීය මහ මැතිවරණය තව නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත අතර, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පමණක් නොව, ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි ද මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කර තිබේ.

උතුරු ඉන්දියාවේ චතිස්ගාර් ප්‍රාන්තයේ රායිපූර් පැවැති රැලියක් අමතමින් රාහුල් ගාන්ධි පවසා ඇත්තේ සෑම ඉන්දියානු පවුලකටම අවම මාසික ආදායමක් තහවුරු කරන බවය.

නාගරික සහ මධ්‍යම පන්තිය ඉලක්ක කර ගනිමින්, සහන රැසක් ලබා දීමට ඉන්දීය අගමැති නඓ්න්ද්‍ර මෝදි ප්‍රතිඥා දී ඇත. අගමැති මෝදිගේ රජය ඉන්දියාව ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට සමත් වී සිටී.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS