රාජ්‍ය ලේකම් ලෙඩ වෙලා



උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවීමට ජනාධිපති ට්‍රම්ප් තීරණය කිරීම සැළවීමත් සමඟ ඇමෙරිකා රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් හිටිහැටියේ රෝගී වූ බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවෙනවා යැයි ට්‍රම්ප් නිවේදනය කරද්දී, ටිලර්සන් සිට ඇත්තේ කෙන්යාවේ නයිරෝබී නුවරය. හදිසියේ රෝගී වුවත් ටිලර්සන්ගේ තත්ත්වය යහපත් බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

ඇමෙරිකා රාජ්‍ය ලේකම් ටිලර්සන් මේ වනවිට අප්‍රිකාවේ සංචාරයක නියැලෙමින් සිටී. කෙන්යා සංචාරයෙන් පසු ඔහු නයිජීරියාව, චැඞ් රාජ්‍යය, ඉතියෝපියාව, ජිබුර්ටි යන රටවල සංචාරය කිරීමට නියමිත බව පැවැසෙයි.

උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවීමට ට්‍රම්ප් තීරණය කළේ තමාට දැනුම් නොදී යැයි ටිලර්සන් මාධය හමුවේ කියා සිටී. එය ට්‍රම්ප් තනිවම ගත් තීරණයක් බවත් ධවල මන්දිර කාර්ය මණ්ඩලය හෝ ඇමෙරිකන් ආරක්ෂක අංශ හෝ ඒ ගැන පෙර දැන නොසිටි බවත් ටිලර්සන් වැඩිදුරටත් කියා ඇත.

(ඒ.එෆ්.පී./එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS