රාජකාරි වේලාව පැය 2 කින් අඩු වෙයි



රාමසාන් සමයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සියලු කම්කරුවන්ගේ දෛනික රාජකාරි වේලාව පැය දෙකකින් අඩු කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

එරට සේවකයෙකු ෂතියකදී පැය 48 ක් සේවය කළ යුතු නමුත් මෙම කාලයතුළ එය දිනකට පැය දෙක බැගින් අඩු වනු ඇත.

මුස්ලිම් භක්තිකයන් ගේ වැදගත් ආගමික උත්සවයක් වන රාමසාන් උත්සවය මේ මස 27 දිනෙන් ආරම්භ වී ජුනි 24 වැනිදායින් අවසන් වේ.

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ කම්කරු නිතිය මඟින් හිමිවන මෙම වරප්‍රසාද මුසලිම් හා මුස්ලිම් නොවන සියලුම ශ්‍රමිකයන්ට අදාල වන බවත් එළිමහන් වැඩබිමවල මෙන්ම ගෘහස්ත සේවකයන්ටද අදාල බව රජය තහවුරු කර ඇතැයි එම වාර්තා තව දුරටත් සඳහන් කරයි.

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS