රටවල් 130 කට තවමත් කිසිදු එන්නතක් ලැබිලා නෑ



ලොව ප්‍රබල රටවල් 10 ක්, ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහි මෙතෙක් නිපදවා ඇති සෑම එන්නතක්ම මිලදී ගෙන, ඒවා එම රටවල වැසියන්ට ලබා දෙද්දී, රටවල් 130 කට කිසිදු එන්නතක් ලැබී නැතැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් පෙන්වා දෙයි.

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ගෝලීය වසංගත තත්ත්වයක් බවත්, සෑම කෙනකුටම එන්නත් ලබා දිය යුතු බවත්, ජගත් මහ ලේකම්වරයා අවධාරණය කර තිබේ.

ලොව සෑම කෙනකුටම, ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබා දීම සඳහා ගෝලීය එන්නත්කරණ වැඩසටහනක් වෙනුවෙන් ලොව සෑම දෙනකුම එකමුතු විය යුතු බවත් ජගත් මහ ලේකම්වරයා අවධාරණය කර තිබේ.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS