රජය බංකොලොත් වුනත් තාප්පය ඉදි කරනවා



මෙක්සිකෝ ඇමෙරිකා දේශසීමා තාප්පය කෙසේ හෝ ඉදිකර අවසන් කරන බවත්, ඇමෙරිකා රජය බංකොලොත් වුනත් තමා තාප්පය ඉදිකරන බවත් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කියයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ඇරිසෝනා ජනපදයේ ෆීනික්ස්හි පැවැති රැලියක් අමතමිනි.

‘ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් විරුද්ධ වුනත්, කවුරු අකමැති වුනත් ඇමෙරිකා මෙක්සිකෝ තාප්පය ඉදිකරන බවත් ඇමෙරිකාව යළි ශ්‍රේෂ්ඨත්වය කරා රැගෙන යන බවත් ජනාධිපති ට්‍රම්ප් අවධාරණය කළේය.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS