රජ මඟුලට දේශපාලනඥයෝ නෑ



බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඇමෙරිකන් ටෙලි නිළි මේගන් මාකෙල්ගේ රාජකීය විවාහ මංගල්‍යයට දේශපාලනඥයන්ට ඇරැයුම් නොකෙරෙනු ඇතැයි කෙන්සින්ටන් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

හැරී කුමරු පමණක් නොව, ඔහුගේ වැඩිමල් සොහොයුරු විලියම් කුමරු සහ බිරිඳ කේට් මිඞ්ල්ටන් කුමරිය සහ දරුවන් වාසය කරන්නේ කෙන්සින්ටන් මාලිගයේය.

නිකුත් කළ එම නිවේදනයට අනුව, බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ ට හෝ විපක්ෂ නායක ජෙරමි කෝර්බන්ට හෝ මංගල උත්සවයට ඇරැයුම් නොකෙරෙනු ඇත. එපමණක් නොව, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට ද ඇරැයුමක් ලැබෙන්නේ නැතැයි ද පැවැසෙයි.

මෙම තීරණය ගෙන ඇත්තේ බ්‍රිතාන්‍ය රජපවුලය. ඊට එක් හේතුවක් නම් මංගල උත්සවය පැවැත්වෙන පල්ලියේ ඉඩකඩ සීමා වීමය. දෙවැනි කාරණාව හැරී කුමරු කිරුළ දැරීමට පෝලිමේ සිටින පස් වැන්නා වීමය. එහෙයින් ඔහුට විශේෂ ප්‍රමුඛත්වයක් හිමි නොවේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS