යෝධ ග්‍රහකයක් පෘථිවිය අසලින් යයි



අඩි 755 ක විෂ්කම්භයකින් යුත් දැවැන්ත ග්‍රහකයක් අද (20) පෘථිවිය අසලින් ගමන් කළ බව ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි.

නාසා ආයතනය මෙම ග්‍රහකය නම් කර ඇත්තේ ‘2020 ඒ.කියු. 1’ යනුවෙනි. ග්‍රහකය පෘථිවිය අසලින් ඇදී ගියේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 1.24 ටය.

ග්‍රහකය ඇදී ගියේ පැයට සැතපුම් 61,500 ක වේගයකිනි. ගමන් මඟ වෙනස් වී ග්‍රහකය පෘථිවියේ ගැටුණේ නම් මහා විනාශයක් සිදුවීමට ඉඩ තිබුණු බව ද නාසා විද්‍යාඥයෝ පැහැදිලි කරති.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS