යේමනයේ කොළරාවට දරුවෝ 209 ක් බිලි



දිනෙන් දින උග්‍ර වෙමින් පවතින යේමනයේ කොළරා වසංගතය හේතුවෙන් කුඩා දරුවන් 209 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය නිවේදනය කර ඇත.

යේමනයේ පැතිර යමින් පවතින කොළරා වසංගතය මහා මානුෂීය ඛේදවාචකයක් බවට පරිවර්තනය වීමේ දිනය වැඩි ඈතක නොවන බව ද යුනිසෙෆ් සංවිධානය වැඩි දුරටත් කියා සිටී.

යේමනයේ මානුෂීය මෙහෙයුම්වල නියැලී සිටින එක්සත් ජාතීන්ගේ රතු කුරුස සංවිධානය පෙන්වා දී ඇත්තේ පසුගිය අප්‍රේල් 27 වැනිදායින් පසු අද වනවිට යේමන වැසියන් 184 දෙනෙකු කොළරාවට බිලිවී ඇති බවය. තවත් 11,000 ක පිරිසක් රෝගී වී සිටින බව රට පුරා විසිරී සිටින සෞඛ්‍ය නිලධාරීන් පවසා ඇත.

මේ අතර යේමනයේ හවුති ෂියා මුස්ලිම් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් සෞදි හමුදා සිදු කළ ගුවන් ප්‍රහාරයකින් තයිස් පළාතේ සිවිල් වැසියන් 23 දෙනකු ජීවිතක්ෂයට පත් වුණැයි ද වාර්තා වේ.

 (ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS