යුරෝපා රටවලට අධික හිමපතයක්



එක්සත් රාජධානිය ඇතුළු යුරෝපා රටවල් රැසකින් දැඩි හිමපතනයක් වාර්තාවන බවත්, හිම පතනය හේතුවෙන් දෛනික කටයුතු අඩපණ වී ඇති බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

එක්සත් රාජධානියට සෙ.මී. 50 ක හිමපතනයක් පතිතවී ඇති බව එරට කාලගුණ විද්‍යා ඒකක නිවේදනය කළේය.

එංගලන්තයේ ප්‍රාන්ත කිහිපයකට ‘රතු නිවේදනයක්’ නිකුත් කිරීමට ද බලධාරීන් කටයුතු කර ඇති බව වාර්තා වේ.

අයිස් තට්ටු හේතුවෙන් මාර්ග අවහිර වී ඇති බවත් ගමනාගමන කටයුතු මුළුමනින්ම අඩපණ වී ඇති බවත් වාර්තා වේ. පාසල් දහස් ගණනක් වසා දමා ඇතැයි ද පැවැසෙයි.

(රොයිටර්)

 


RECOMMEND POSTS