යුද අභ්‍යාසයක් අරඹයි



ඇමෙරිකාව සහ නේටෝ සාමාජික රටවල් එක් වී, ඔවුන්ගේ වාර්ෂිකව පවත්වන යුද අභ්‍යාසය ජර්මනියේ ග්‍රැෆෙන්වෝර් පළාතේ ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ 1991 වසරේ සීතල යුද්ධය අවසන් වීමෙන් පසු, ඇමෙරිකාව සහ සෙසු නේටෝ සාමාජික රටවල් එක්වී පවත්වන විශාලතම යුද අභ්‍යාසය මෙය කියාය.

උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝවට සාමාජික රටවල් 26 කි. ඇමෙරිකාව ඒ අතර සිටින කැපී පෙනෙන සාමාජිකයෙකි. ඇමෙරිකාවේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම යුද අභ්‍යාසයට සොල්දාදුවෝ 3,700 කට වැඩි පිරිසක් සහභාගී වෙති.

(රොයිටර්)


RECOMMEND POSTS