මෝදිට සුබ උපන් දිනයක්



ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි (17) සිය 69 වැනි ඡන්ම දිනය සමරයි.

ජන්ම දිනය නිමිත්තෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ඉන්දියානුවන්ගෙන් මැති ඇමැතිවරුන්, විදෙස් නායකයන්, නියෝජිතයන්ගෙන් සුබ පැතුම් පණිවුඩ ලැබුණි. ඒ ට්විටර් පණිවුඩ ලෙසය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට පළමුවෙන් සුබ පැතුම් එක් කළ පිරිස අතර යළිත් වරක් ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායිකාව බවට පත් වුණු සෝනියා ගාන්ධි ද සිටී. ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස සැලකෙන්නේ ද කොංග්‍රසයයි. කොංග්‍රස් නායිකා සෝනියා ගාන්ධි ඉන්දීය අගමැති මෝදිට නිදුක් නිරෝගී සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කළ ඇත.

මීට අමතරව, කොංග්‍රස් හිටපු නායකයා මෙන්ම සෝනියා ගාන්ධිගේ පුතු ද වන රාහුල් ගාන්ධි, ඉන්දියාවේ බටහිර බෙංගාලයේ මහ ඇමැතිනී මම්තා බෙනර්ජි, දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල්, බිහාර් ප්‍රාන්තයේ නිතිෂ් කුමාර් ඔවුනොවුන්ගේ දේශපාලන එදිරිාදිකම් පසෙකලා අගමැති මෝදිට සුබ පැතුම් එක් කර ඇතැයි වාර්තා වේ.

අගමැති මෝදි ඡන්ම දිනය සමරමින් සිය ගම් පළාත වන ගුජරාටයේ සංචාරයක නියැලුණු අතර, ලොව උසින් වැඩිම පිළිමය නැරැඹීමට ද ගියේය.

ලොව උසම පිළිමය ලෙස සැලකෙන්නේ ඉන්දියාවේ ගුජරාටයේ ඉදිකරනු ලැබ ඇති ඒකීයත්වයේ ප්‍රතිමාවය.

මෙම පිළිමය ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමියකු මෙන්ම, ඉන්දියාවේ පළමු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ද වුණු සර්දාර් පටෙල්ගේ රුවින් නිර්මාණය කර ඇත. පිළිමයේ උස මීටර් 182 කි.

‘ඒකීයත්වයේ පිළිමය’ ලෙස හැඳින්වෙන්නේ ‘ඉන්දියාවේ යකඩ මිනිසා’ යන නමින් ද හැඳින්වෙන සර්දාර් පටෙල්ගේ රුවින් නිර්මාණය කළ මීටර් 182 ක් උස පිළිමයයි. සර්දාර් පටෙල් යනු ඉන්දියාවේ පළමු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාය.

පසුගිය වසරේ ඔක්තෝබර් 31 වැනිදා සර්දාර් පටෙල්ගේ ඡන්ම දින සැමරුම නිමිත්තෙන් පිළිමය විවෘත කිරීම සිදුවිය. ‘ඉන්දියාවේ යකඩ මිනිසා’ යන නමින් ද සර්දාර් පටෙල් හැඳින්වෙයි.

පිළිමය ඉදිකර ඇත්තේ බටහිර ගුජරාටයේ සදාර් සර්වෝර් වේල්ල අසලය. ගුජරාටයට ගිය ගමනේ දී අගමැති මෝදි සිය මෑණියන් හමුවී ඇගේ ආශිර්වාදය ලබා ගැනීමට ද අමතක නොකළේය.

කෙවාදියාහිදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS