මෝදිට ඉහළ පිළිගැනීමක්



‘ජී20’ රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීමට ජපානයට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

අගමැති මෝදි කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදී, ජපාන අගමැති ෂෙන්සෝ අබේ නියෝජනය කරමින් විශේෂ නියෝජිත කණ්ඩායමක් මෝදි පිළිගැනීමට පැමිණ සිටියේය.

අගමැති මෝදි නැවතී සිටින්නේ ස්විස්සෝටෙල් නන්කායි හෝටලයේය. මෝදි හෝටලයට පැමිණෙද්දී, ජපානයේ වෙසෙන ඉන්දියානුවන්ගෙන් ඔහුට ඉහළ පිළිගැනීමක් හිමිවුණු බව ඉන්දීය පුවත් සේවා වාර්තා කර ඇත.

ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉන්දියාවට ලබා දුන් ජී.එස්.පී. සහනය ඉවත්කර ඇත. ඒ, ඉන්දියාව තවදුරටත් සංවර්ධනය වෙමින් පවතින රටක් සේ සැලකිය නොහැකි බව පවසමිනි.

ට්‍රම්ප්ගේ මෙම තීරණයට එකටඑක කිරීමක් ලෙස ඇමෙරිකා භාණ්ඩවලට තීරු බදු පැනැවීමට ඉන්දියාව කටයුතු කළේය.

හටගත් මෙම අර්බුදය සම්බන්ධයෙන්, ඔසාකා නුවර ජී 20 සමුළුව අතරතුරේ ඉන්දීය අගමැති මෝදි හමුවී සාකච්ඡා කිරීමට තමන් අපේක්ෂා කරන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා තිබේ.

ඔසාකාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS