මෝදිගේ පක්ෂයට පරාජයක්



උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ පැවැති අතුරු මැතිවරණයෙන්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට ප්‍රබල පරාජයක් හිමිවී ඇති බව වාර්තා වේ.

උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ මහ ඇමැතිවරයා යෝගීවරයකු වන යෝගී අධිත්‍යනාත්ය. ඔහුගේ ආසනය ගොරක්පූර් වන අතර මෙවර අතුරු මැතිවරණයේදී එම ආසනය ද පරාජයට පත්වී ඇති බව පැවැසෙයි.

භාරතීය ජනතා පක්ෂයට මෙම අනතුරු මැතිවරණයේ දී අභියෝගයක් වූයේ ‘සමාජවාදී පක්ෂය’ සහ හිටපු මහ ඇමැතිනියක වන මායාවතීගේ ‘බහුජන සමාජ්’ පක්ෂයයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS