මෝදිගේ අම්මා ඡන්ද පෝළිමේ



ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්ත මැතිවරණයේ දෙවැනි මෙන්ම අවසන් අදියර අද (14) ආරම්භ වුණු අතර, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ මව වන 95 හැවිරිදි වන හීරාබෙන් ද ගාන්ධිනගර් උෑසනින්ම ඡන්ද පොළේ පෝළිමක සිට සිය ඡන්දය ප්‍රකාශ කළාය.

‘ගුජරාටයේ අනාගතය වෙනුවෙන් සහ සමෘද්ධිය වෙනුවෙන් මම ඡන්දය දැම්මා’ යැයි ඇය ඡන්ද පොළෙන් පිටවී යද්දී මාධ්‍ය හමුවේ කියා සිටියාය.

දෙවැනි අදියර යටතේ අද ඡන්දය පැවැත්වෙන්නේ දකුණු සහ මධ්‍යම ගුජරාටයේය. ‘ගුජරාට ඡන්දයේ දෙවැනි අදියර අද අරම්භ වෙනවා. කවුරුත් උදෙන්ම ඡන්ද පොළට යන්න’ යැයි ඊයේ උදෑසනම අගමැති මෝදි ට්විටර් පණිවුඩවක් නිකුත් කරමින් ජනතාවට දැනුම් දුන්නේය.

මේ අතර භාරතීය ජනතා පක්ෂ නායකයන් ජනතාවට කියා සිටියේ මෝදිගේ 95 හැවිරිදි මෑණියන් අසීරුවෙන් ඡන්ද පොළට ගොස් ඡන්දය ප්‍රකාශ කිරීම හරහා ප්‍රබල පණිවුඩයක් ලබා දුන් බවය.

ගුජරාට මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිපල ලබන සඳුඳා (18) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇතැයි ද පැවැසෙයි.

ගුජරාටය මෝදිගේත් ඔහුගේ භාරතීය ජනතා පක්ෂයේත් බල කඳවුර වෙයි. අගමැති මෝදි උදෑසන 11.45 ට අහ්මෙදාබාද් නුවරට ගොස් සිය ඡන්දය ප්‍රකාශ කළේ යැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කළේය.

මෙවර මැතිවරණයේ දී මෝදි සහ ඔහුගේ පක්ෂයට අභියෝගයක් වීමට උත්සාහ දරමින් සිටින්නේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්‍රස් පක්ෂ ප්‍රධානී අමිත් ෂා ය.

මහ ඇමැති ධුරය අපේකෂාවෙන් සිටින අමිත් ෂා, සිය පුතු ජේ ෂා ද සමඟ ඡන්දය ප්‍රකාශ කළේය. ඉන්දීය මුදල් ඇමැති අරුන් ජෙට්ලි ද උදෑසනින්ම ඡන්ද පොළට ගොස් ඡන්දය ප්‍රකාශ කළේ යැයි වාර්තා විය.

(එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS