මෝදිගෙන් සුබ පැතුම්



ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර  මෝදි මහතා ජනාධිපතිවරණයෙන් ජය ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභට රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම සුබ පැතුම් එක් කර තිබේ.
සිය ට්විටර් පණිවිඩයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙසේද සඳහන් කර ඇත.

“ජනාධිපතිවරණයේදී ඔබ ලැබූ ජයග්‍රහණය ගැන සුබ පැතුම්.

“අපගේ දෙරට සහ දෙරටේ පුරවැසියන් අතර සමීප හා සහෝදර සබඳතා වඩ වඩාත් තහවුරු  කර ගැනීම සහ අපගේ කලාපයේ සාමය, සමෘද්ධිය සහ ආරක්ෂාව සඳහා ඔබ සමඟ සමීපව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි.

එසේම සාර්ථක ජනාධිපතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් සහාය දැක්වූ ශ්‍රී ලාංකික ජනතාවට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ට්විටර් සමාජ මාධ්‍ය ඔස්සේ සුබ පැතුම් එක් කරනු ලැබ ඇත.

නව ජනාධිපතිවරයාට සුබ පැතුම් එක් කළ ප්‍රථම රාජ්‍ය නායකයා වන්නේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාය.

(තිළිණි ද සිල්වා)


RECOMMEND POSTS