මෝදි හමුවන්න කැමැත්තෙන්



නුදුරේදීම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා මුණ ගැසීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් ජයග්‍රහණය කළ ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබූ අතර ඊට පිළිතුරු ට්විටර් පණිවුඩයක් යවමින් රාජපක්ෂ මහතා ඒ බව සඳහන් කළේය.

“උණුසුම් සුබ පැතුම් එක් කළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට සහ ඉන්දීය ජනතාවට මම ස්තූතිවන්ත වෙනවා. අපේ ජාතීන් දෙක ඉතිහාසයෙන් සහ පොදු විශ්වාසවලින් බැඳී තිබෙනවා. දෙරටේ මිත්‍රත්වය ශක්තිමත් කරගැනීමට නුදුරේදීම ඔබ මුණ ගැසීමට බලාපොරොත්තු වෙනවා” යැයි නරේන්ද්‍ර මෝදි මහතාට පිළිතුරු යවමින් තේරී පත්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් පණිවුඩයේ සඳහන් කර ඇත.

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS