මෝදි මැලේසියාවට



ඉන්දුනීසියාවේ නිල සංචාරය අවසන් කිරීමෙන් පසු, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මැලේසියාව බලා පැමිණියේය.

යළිත් වරක් මැලේසියාවේ අගමැති ධුරයට පත්ව සිටින 92 හැවිරිදි මහතීර් මොහොමද්ගෙන්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.

ඉන්දීය අගමැති මෝදි දින දෙකක් මැලේසියාවේ රැඳී සිටිනු ඇත. ඉන්දීය අගමැති මෝදි සහ මැලේසියා අගමැති මහතීර් මොහොමද් අතරේ ඉන්දු මැලේසියා සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

වෙළෙඳ සහ ආර්ථික කටයුතු ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද අගමැති මෝදි සහ මැලේසියා අගමැති මහතීර් මොහොමද් අතරේ සාකච්ඡා පැවැත්විණි. මැලේසියා සංචාරය අවසන් කිරීමෙන් පසු ඉන්දීය අගමැති මෝදි සිංගප්පූරුව බලා යෑමට නියමිතය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS