මෝදි නමින් ඕකිඞ් පැළයක්



සිංගප්පූරුවේ සංචාරයක නියැළෙන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙනුවෙන්, එරටට ආවේණික ඕකිඞ් පැළයක් නම් කර ඇතැයි වාර්තා වේ.

අගමැති මෝදි සිංගප්පූරු උද්භිද උද්‍යානයේ සංචාරයක නියැලුණේය. උද්‍යාන බලධාරීන් එක් වී, ඒ වෙනුවෙන් මෙම ඕකිඞ් පැළය අගමැතිවරයාගේ නමින් නම් කිරීම සිදු විය.

ඕකිඞ් පැළය නම් කර ඇත්තේ ‘ඩෙන්ඩ්‍රෝබි්‍රයම් නරේන්ද්‍ර මෝදි’ යනුවෙනි. සිංගප්පූරු උද්භිද උද්‍යානය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ද සැළකෙයි.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS