මෝදි චීන ජනපති හමුවෙයි



ෂැංග්යාහි සහයෝගීතා සමුළුවට සමගාමීව චීන ජනාධිපති ෂී ජින් පින් සහ ඉන්දීය අගමැති මෝදි හමුවුණු අවස්ථාවේදී, දෙරට අතර මිතුදම් වර්ධනය වූ බව පැවැසිණි.

ඉන්දියාවත් චීනයත් අතර දේශසීමා අර්බුදයක් පවතින අතර, එය කඩිනමින් මෙන්ම සාමකාමීව විසඳා ගැනීම කෙරෙහි අගමැති මෝදිගේත්, චීන ජනාධිපති ජින්පින්ගේත් අවධානය යොමු විය.

එම හමුවේ දී ඉන්දීය අගමැති මෝදි පාකිස්තානය සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් ද කළේය.

සාම කතා පැවැත්වීමට පාකිස්තානයට අවශ්‍ය නම් ඔවුන් පළමුවෙන් කළ යුත්තේ ත්‍රස්තවාදය පිටුදැකීමට පියවර ගැනීම යැයි ඉන්දීය අගමැති මෝදි, චීන ජනාධිපති ෂී ජින්පින් හමුවේ පැහැදිලි කළේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS