මෝදි ඇමෙරිකාවට



එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගීවීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ (21) ඇමෙරිකා එක්සත් ජනපදය බලා පැමිණියේය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය මෙම සතියේ ආරම්භ වෙයි. ඒ, නිව්යෝක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලාස්ථාන ගොඩනැගිල්ලේය. නිව්යෝක් යෑමට පෙර මෝදි, ඊයේ ටෙක්සාස් ජනපදයේ හූස්ටන් වෙත පැමිණියේය.

හූස්ටන් ටෙක්සාස් පමණක් නොව, ඇමෙරිකාවේ වෙසෙන සෙසු ඉන්දියානුවන් ද එක් වී, ‘හවුඩි මෝදි’ නමින් විශේෂ උ්සවයක් සංවිධානය කර ඇත. මෝදි හූස්ටන් පැමිණියේ ඊට සහභාගී වීමටය. 50,000 ක පිරිසක් ඊට සහභාගී වනු ඇති බව සංවිධායකවරු පෙන්වා දෙති.

ඇමෙරිකන් දේශපාලඥයන් සහභාගී වන මෙම උත්සවය සංස්කෘතික අංග රැසකින් ද සමන්විත වනු ඇත.

මෝදි සමඟ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ද උත්සවයට සහභාගී වෙයි. ඇමෙරිකාව සහ ඉන්දියාව අතර යහපත් සබඳතා වර්ධනය ‘හවුඩි මෝදි’ උත්සවයේ අරමුණ යැයි පැවැසෙයි.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කල්තියා පවසා ඇත්තේ, ඉන්දියාවට පැනවූ තීරු බදු ලිහිල් කිරීමට තමන් සූදානමින් සිටින බවය.

හූස්ටන්හිදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS