මොංගෝලියා ජනපති නිරෝධායනය කරලා



චීනයේ සංචාරයකට ගොස් ආපසු පැමිණි මොංගෝලියා ජනාධිපති කහල්ට්මාගීන් බටුල්ගා ප්‍රමුඛ නියෝජිත කණ්ඩායම දින 14 ක නිරෝධායන (වෙන් කර තැබීමේ) ක්‍රියාවලිවකට යොමු කළේ යැයි මොංගෝලියා සෞඛ්‍ය බලධාරීහු පවසති.

චීනයේ කොරෝනා වයිරසය පැතිරෙද්දී, එරට නිල සංචාරයක යෙදුණු පළමු රාජ්‍ය නායකයා වන්නේ මොංගෝලියා ජනාධිපතිවරයාය. මොංගෝලියාව චීනයේ අසල්වැසියෙකි. තවමත් මොංගෝලියාවෙන් කිසිදු කොරෝනා රෝගියකු හමුවී නොමැති බව පැවැසෙයි.

බීජිං නුවරදීය (රොයිටර්)


RECOMMEND POSTS