මෙලානියාගේ මාපියන්ට ඇමෙරිකා පුරවැසිභාවය



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ බිරිඳ මෙලානියාගේ මාපියන්ට ඇමෙරිකාවේ පුරවැසිභාවය හිමිවී ඇත.

වික්ටර් සහ අමලීජා නවාස් යන මෙලානියාගේ පියා සහ මව ස්ලොවෙනියා ජාතිකයෝය.

පසුගිය වසර ගණනාව පුරාවට ඔවුන් ඇමෙරිකාවේ පදිංචි වී සිටි ඇත්තේ මෙලානියාගේ අනුග්‍රහයෙන් ග්‍රීන් කාඞ් ක්‍රමයටය.

ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පරිපාලනය හඳුන්වා දී, ක්‍රියාවට නංවා ඇති නව සංක්‍රමණික නීති අනුව, ග්‍රීන් කාඞ්පත් හිමියන්ට ඇමෙරිකාවේ වසර 5 ක් සිටියොත්, ඇමෙරිකන් පුරවැසිභාවය වෙනුවෙන් ඉල්ලීමක් කළ හැකිය.

ඒ අනුව මෙලානියාගේ මාපියන්ට පුරවැසිභාවය පිරිනැමීම නිව්යෝක් නුවරදී සිදුවුණු බව ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වී සිටින නීතීඥවරයා පවසා ඇත.

මෙලානියා ඇමෙරිකාවේ පුරවැසිභාවය හිමිකරගෙන ඇත්තේ 2006 වසරේදීය. ඇය ඇමෙරිකාවට පැමිණියේ 2001 වසරේදී අයින්ස්ටයින් වීසා ක්‍රමය හරහාය.

අයින්ස්ටයින් වීසා යනු සුවිශේෂී දක්ෂතා ඇති අයට පිරිනැමෙන වීසා ක්‍රමයකි. මෙලානියා ඇමෙරිකාවට පැමිණියේ නිරූපිකාවක ලෙස රැකියාව කරමිණි.

මෙලානියාගේ වයස අවුරුදු 48 කි. මෙලානියාගේ මව අමලිජාගේ වයස අවුරුදු 73 කි. පියා වික්ටර්ගේ වයස අවුරුදු 74 කි. ඩොනල්ඞ් ට්‍රම්ප්ට අවුරුදු 72 කි.

 (රොයිටර්)


RECOMMEND POSTS