මෙල්බන් නුවර යළි වසයි



‘කොවිඞ් 19’ ආසාදිතයන් 13 දෙනකු වාර්තා වීමත් සමඟ මිලියන පහක ජනගහනයක් වෙසෙන  ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බන් නුවර දින පහක කාලයක් සඳහා යළිත් වරක් වසා දැමුණි.

හමුවුණු එම ආසාදිතයන්ට, ආසාදනය වී ඇත්තේ එංගලන්තයේ කෙන්ට් පළාතෙන් පළමු වරට හඳුනාගත් කොරෝනා වයිරස විකෘතියයි. බි‍්‍රතාන්‍යයෙන් හමුවුණු කොරෝනා විකෘතිය ලෙස හැඳින්වෙන්නේ මෙයයි.

මහා බි‍්‍රතාන්‍යයේ සිට මෙල්බන් පැමිණි  ඕස්ටේ‍්‍රලියානුවන් නිරෝධායනය කර තැබෙන මෙල්බන් ගුවන්තොටුපොළ අසල හෝටලයකින් මෙම වයිරසය පැතිරීම ආරම්භ වූ බව සෞඛ්‍ය බලධාරීන් අනාවරණය කරගෙන තිබේ. වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් වහා නගරය වසා දැමිය යුතු යැයි සෞඛ්‍ය අංශ ඒ අනුව තීරණය කළේය.

අලූතින් හඳුනාගත් ආසාදිතයන් 13 දෙනා අතරේ සංචාරකයන් නිරෝධායනය කළ හෝටලයේ සේවක සේවිකාවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සිටින බව පැවැසෙයි.

එංගලන්තයේ කෙන්ට් පළාතෙන් පළමුවෙන් හඳුනාගත් කොරෝනා විකෘතිය මේ වනවිට රටවල් රැුසකට ව්‍යාප්ත වී ඇත. මෙය සාමාන්‍ය කොරෝනා වයිරසයෙන් වෙනස් වන්නේ එය ඉතාමත් වේගයෙන් සම්පේ‍්‍රෂණය වන බැවිනි. බි‍්‍රතාන්‍ය විද්‍යාඥයන් පවසා ඇත්තේ කෙන්ට් විකෘතිය තව මාස කීපයක් ඇතුළත ලොව සෑම තැනකටම ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවය.

මෙල්බන්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS