මෙක්සිකෝවේ කොරෝනා ලක්ෂ 7 ක්



මෙක්සිකෝවේ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 700,000 ඉක්මවා ගොස් ඇත.

එරට සෞඛ්‍ය අමාත්‍යාංශය යාවත්කාලීන කරන ලද සංඛ්‍යාදත්ත හා නිල ලේඛනවලට අනුව එරටින් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 726,431ක් වන අතර එරටින් වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 76,243කි.

මෙක්සිකෝවෙන් සිකුරාදා (25) වයිරස ආසාදිතයන් 5,573 දෙනකු හඳුනාගෙන තිබූ අතර මරණ 399ක් වාර්තා වී තිබිණි.

කෙසේ නමුත් සත්‍ය සංඛ්‍යා මීට වඩා බෙහෙවින් වෙනස් යැයි ද වයිරස ආසාදිතයන්ගේ සහ වයිරස ආසාදිත මරණ ගණන ද මීට වඩා වැඩි යැයි පැවසේ. ප්‍රමාණවත් පරිදි වයිරස ආසාදිතයන් හඳුනාගන්නා ‘කොවිඩ්-19’ පරීක්ෂණ සිදු නොකිරීම ඊට ප්‍රධාන හේතුව යැයි විශේෂඥයෝ පෙන්වාදෙති.

ඒ.එෆ්.පී.


RECOMMEND POSTS