මෙක්සිකෝවට භූමිකම්පාවක්



නිරිත දිග මෙක්සිකෝව ප්‍රබල භූමි කම්පාවකින් කැළැඹී ගියේය. භූමි කම්පාවේ ප්‍රබගත්වය රික්ටර් පරිමානයේ ඒකක 7.2 ක් ලෙස සටහන් විය.

භූමි කම්පාව හටගෙන ඇත්තේ ඇක්සකා පළාතේ පිනෝටේපා දේ දොන් ලුවි නමැති නගරයට නුදුරිනි.

කිලෝ මීටර් 350 ක් දුරින් පිහිටා ඇති මෙක්සිකෝ අගනුවරට පවා භූමි කම්පාවේ ප්‍රබලත්වය දැනී ඇතැයි වාර්තා වේ.

භූමි කම්පාවෙන් නිවාස සහ ගොඩනැගිලි කිහිපයකට හානි සිදුවුණු බව පැවැසෙයි. දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළේ යැයි ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS