මුහුදේ දිය නෑමට ගිය ඉන්දියානුවා දියේ ගිලී මිය යයි



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(මනාමා) බහරේන්

බහ්රේනයේ ඇස්රි වෙරළේදී දිය නාමින් සිටි ඉන්දියානුවකු දියේ ගිලී මිය ගිය බව වාර්තා වෙයි. ඉතාම අනතුරුදායක දිය වැලකට හසුවී මෙසේ මිය ගොස් ඇත්තේ සජිත් සන්කාරන් නම් 33 හැවිරිදි පුද්ගලයෙකි.

ඉන්දියාවේ කේරල ප්‍රාන්තයෙන් පැමිණ ඇති මෙම පුද්ගලයා වෙරළේ දියනෑමට ගොස් ඇත්තේ‍ පිලිපීන මිතුරන් කණ්ඩායමක් සමගය. බහරේනයේ අද්ලියා නගරයේ පෞද්ගලික ආයතනයක තාක්ෂණවේදියකු ලෙස සේවය කළ  සජිත් සන්කාරන් අවිවාහකයකු වන අතර බහරේනයේ රැකියාවකට පැමිණ ඇත්තේ මීට වසර හතකට පෙරය.

ඔහුගේ මෘත ශරීරය සල්මානියා වෛද්‍ය සංකීර්ණයේ මෘත ශරීරාගාරයේ ඇති අතර එය ඔහුගේ උපන් බිම වන කේරලයේ කන්නූර් කරා යැවීමට ඔහු සේවය කළ සමාගම කටයුතු යොදමින් සිටියි. 


RECOMMEND POSTS