මුහුණු ආවරණ තහනම්



මුස්ලිම් සම්භවයක් සහිත කාන්තාවන්ට මුහුණු ආවරණ පැළැඳීම තහනම් කිරීමේ නව පනත් කෙටුම්පතක් ඩෙන්මාර්ක පාර්ලිමේන්තුවේදී සම්මත වූ බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ඩෙන්මාර්කය පමණක් නොව, බුර්කා ආදී හිස් ආවරණ පැළැඳීම තහනම් කිරීම යුරෝපා රටවල් රැසක් ද මේ වනවිටත් පියවර ගෙන තිබේ. පනත් කෙටුම්පත සම්මත කර ගැණුනේ ඒ සඳහා 75 ට 30 ක් වශයෙන් ඡන්දය හිමිවීමෙනි.

ඩෙන්මාර්ක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මෙන්ම අන්ත දක්ෂිණාංශ පක්ෂ ද මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සහාය පළ කර ඇති බව ද වාර්තා වේ. ඒ අනුව, ප්‍රසිද්ධ ස්ථානවල මුහුණු ආවරණය කරගෙන සිටිය නොහැකි වන අතර, එසේ මුහුණු ආවරණය කරගත් අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙයි. ක්‍රෝනර් 10,000 ක (යුරෝ 156,134 ක්) දඩ මුදලක් ද ගෙවීමට සිදුවෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS