මුල් පුටුව බැචලේට



එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ මහ කොමසාරිස් ධුරය චිලී රටේ හිටපු ජනාධිපතිනියක වන මිෂෙල් බැචලේ ට හිමිවිය.

බැචලේ ට එම ධුරය හිමිවූයේ ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ පැවැති ඡන්ද විමසුමකින් පසුවය. ඇය එම ධුරයට ඇය සැබෑ සුදුස්සා යැයි එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් ඇන්තෝනියෝ ගුටරේට්ස් පවසා ඇත.

මිෂෙල් බැචලේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ මහ කොමසාරිස් ධුරයට පත් වෙද්දී, එම ධුරයේ කටයුතු කළ සෙයිද් අල් හුසේන් කුමරු එයින් ඉවත් වෙයි. අල් හුසේන් කුමරු එම ධුරයේ කටයුතු කළේ 2014 වසරේ සිටය.

ඒ අනුව, ලබන සැප්තැම්බර් පළමු වැනිදා සිට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ මහ කොමසාරිස් ධුරයේ කටයුතු කරනු ඇත්තේ බැචලේ ය.

(රොයිටර්)


RECOMMEND POSTS