මුම්බායි වෙරළට දහස් ගණනින් 'විස ජෙලිෆිෂ්' වර්ගයක් පැමිණෙයි



ඉන්දියාවේ මුම්බායි වෙරළ තීරයට දහස් ගණනින් විස ජෙලිෆිෂ් එසේත් නැතිනම් ලොඩියන් පැමිණ ඇති බව වාර්තා වේ.

මුහුදු වෙරළට පැමිණි කිහිප දෙනකු ලොඩියන් ස්පර්ශවීමෙන් රෝහල් ගත කෙරුණු බව ද පැවැසෙයි.

මුම්බායි වෙරළ තීරයට පැමිණ ඇති බව පැවැසෙන්නේ ‘මෑන් ඔ වෝර්’ නමින් හැඳින්වෙන ජෙලි ෆිෂ් වර්ගයයි. මොවුන් උග්‍ර විස සහිතය. මොවුන් ස්පර්ශ වීමෙන් මරණය පවා සිදුවිය හැක.

ලොඩියන් බහුලව දකින්න ලැබෙන වෙරළ කලාපය වසා දැමීමට මුම්බායි බලධාරීන් පියවර ගෙන ඇති බව ද ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ.

(එන්.ඩී.ටීවී)

 


RECOMMEND POSTS