මීටරේ නැත්නම් දඬුවම්



ප්‍රසිද්ධ ස්ථානවලදී පුද්ගලයින් දෙදෙනෙකු අතර මීටරයක අවම පරතරය  පවත්වා නොගැනිම දඩුවම් ලැබිය හැකි වරදක් බවට සිංගප්පූරු රජය විසින් ප්‍රකාශයටපත් කර තිබේ.

ඒ අනුව ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ප්‍රසිද්ධ ස්ථානවල දී මීටරයක අවම පරතරය පවත්වා ගැනිමට කටයුතු නොකරන පුද්ගලයින්ට සිංගප්පූරු ඩොලර් 10,000ක දඩයක් හෝ මාස 06ක සිරදඩුවමක් නියම වනු ඇති බව සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මීට අමතරව අත්‍යාවශ්‍ය නොවන කටයුතු සදහා පුද්ගලයින් 10කටවැඩි සංඛ්‍යාවක් එක්රැස්වීම තහනම් කිරිමට ද සිංගප්පූරු රජය සැලසුම් කරමින් සිටිනබව සදහන්.

කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදනය වැලැක්විමේදී සමාජ දුරස්තභාවය පවත්වා ගැනිම මූලික කරුණක් වේ. 

( තිළිණි  ද සිල්වා )
ගාඩියන් ඇසුරෙනි

RECOMMEND POSTS