මිසයිල අත්හදාබැලීම් නවත්වයි



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර හමුව ලබන මැයි මාසයේ දිනයක පැවැත්වීමට නියමිත හෙයින් ඒ නිමිත්තෙන් තම මිසයිල අත්හදා බැලීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවන බව උතුරු කොරියානු රජය කියයි.

උතුරු කොරියාව මෙම තීරනය ගෙන ඇත්තේ ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්ගේ ඉල්ලීම සැලකිල්ලට ගනිමිනි. උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවීමට කැමැත්ත පළ කරමින්, ට්‍රම්ප් උතුරු කොරියාවෙන් ඉල්ලීමක් කළේ එම හමුව පැවැත්වෙනකල් මිසයිල අත්හදා බැලීම් නවත්වන ලෙසය.

උතුරු කොරියාව අවසන් වරට මිසයිල අත්හදා බැලීමක් කර ඇත්තේ පසුගිය වසරේ නොවැම්බරයේය. නොවැම්බර් 28 වැනිදායින් පසු ඔවුන් කිසිදු ආකාරයක මිසයිල අත්හදා බැලීමක් කර නැති බව වාර්තා වේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS