මියන්මාරයේ බෝම්බ පිපිරේ



මියන්මාරයේ ගැටුම් පිරි රකීන් පළාතේ සිත්වේ අගනුවර, පළාත් පාලන කාර්යාලය අසල බෝම්බ තුනක් පුපුරා යෑමෙන් එක් පොලිස් නිලධාරියෙක් තුවාල ලැබුවේය.

බෝම්බ ප්‍රහාරයෙන් පළාත් පාලන ගොඩනැගිල්ලට හානි සිදුවිය.

මියන්මාර හමුදාව චෝදනා කරන්නේ එය රකීන් පළාත තමන්ගේ කර ගැනීමට උත්සාහ ගන්නා රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ට සහාය දක්වන ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයක් බවය.

(බී.බී.සී.)


RECOMMEND POSTS