මියන්මාර හමුදාව වෙනුවෙන් සූ කී කතා කරයි



නෙදර්ලන්තයේ හේග් නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ පෙනී සිටිමින් මියන්මාර නිල නොවන නායිකාව මෙන්ම එරට විදේශ ඇමැතිනිය ද වන අවුන් සාන් සූ කී, එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළාය.

මියන්මාරයේ මුස්ලිම් සුළු ජාතිකයන් වන රොහින්ග්‍යාවරුන්ට එරෙහිව අපරාධ සිදු කළේ යැයි මියන්මාර හමුදාවට චෝදනා එල්ල වී ඇත. නඩු විභාගය පැවැත්වෙන්නේ ගැම්බියා අධිකරණ අමාත්‍යවරයා කළ පැමිණිල්ලකට අනුවය.

රොහින්ග්‍යා මුස්ලිම් වැසියන් ඔවුන් ජීවත් වන පළාත වෙනුවෙන් වෙනම පාලනයක් ඉල්ලන අතර ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්ත කල්ලි මෙම මුස්ලිම්වරුන්ට සහාය දෙයි. 2017 වසරේ දී ඔවුන් මියන්මාර හමුදා මුරපොළකට පහර දුන් අවස්ථාවේදී, මියන්මර හමුදා රොහින්ග්‍යා වැසියන් දැඩි ලෙස මර්දනය කළේය. මානව හිමිකම් උල්ලංගනය වුණැයි චෝදනා එල්ල වී ඇත්තේ එහෙයිනි.

(අල් ජසීරා)


RECOMMEND POSTS