මිනිසා මුහුණ දෙන ලොකුම අභියෝගය කොරෝනා



දෙවැනි ලෝක යුද්ධයෙන් පසු මිනිසා මුහුණ දෙන ප්‍රබලතම අභියෝගය ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය යැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරේට්ස් පවසයි.

නව කොරෝනා වයිරස වසංගතය තෙවැනි ලෝක යුද්ධයට සමාන කරමින් ජගත් මහ ලේකම්වරයා පෙන්වාදී ඇත්තේ වයිරසය හේතුවෙන් සිදුවන මරණ පමණක් නොව, වයිරසයෙන් ගෝලීය ආර්ථිකයට එල්ල වන බලපෑම සුළුකොට තැකිය නොහැකි බවය.

ඇමෙරිකාවේ ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය නිකුත් කළ වාර්තා අනුව, මේ වනවිට ලොව පුරා ‘කොවිඞ් 19’ වයිරස අසාදිතයන් 8,50,500 ක් හමුවී ඇත. මරණ සංඛ්‍යාව 41,000 ඉක්මවා තිබේ. මේ වනවිට ලොව වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. ඇමෙරිකාවෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 1,81,200 පසු කර තිබේ. ඇමෙරිකාවෙන් මරණ 4,000 ක් වාර්තා වේ.

‘එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 75 වසරක ඉතිහාසයේ අපට මුහුණ දෙන්න සිදුවුණු දරුණුතම සෞඛ්‍ය මෙන්ම මානුෂීය ඛේදවාචකය ලෙස මෙම වයිරස වසංගතය සැලකිය හැකියි. වයිරසයෙන් ආර්ථිකයට සහ සමාජයට එල්ල වන බලපෑම තව වසර කීපයක් පුරා පවතීවි’ යැයි ජගත් මහ ලේකම්වරයා පැවැසුවේ, විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේදීය (රොයිටර්)


RECOMMEND POSTS